වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කෙරේ – වී අලෙවි මණ්ඩලය

වී අලෙවි මණ්ඩලය විසින් හෙට (03) සිට පහත සඳහන් මිල ගණන් යටතේ වී මිලදී ගන්නා බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
ඒ අනුව, නාඩු කිලෝග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 125ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 132ට මිලදී ගැනීමට නියමිතයි.