නව පොලිස්පති අද වැඩ අරඹයි

මෙරට 37 වන පොලිස්පති ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
මීට අදාළ පත්වීම් ලිපිය, ජනාධිපති ලේකම්වරයා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පොලිස්පතිවරයාට භාර දී තිබුණා.
පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම හා විෂමාචාර සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් නෙරපනු ලැබූ අතර ඒ අනුව නව පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරනු ලැබුවා.
ඊට එම සභාවේ අනුමැතිය හිමි වීමෙන් පසුවයි මෙරට 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරනු ලැබුවේ.
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක හා සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා වන්නේද ප්‍රියන්ත වීරසූරියයි.