ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග සාකච්ඡාවක

ඩොනල්ඩ් ට්‍රම්ප්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡාවට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය නායකයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවට යුරෝපා සංගමයේ ප්‍රධානී උර්සුලා වෝන්ටර් ලේන්ඩ්, නේටෝ ප්‍රධානී මාර්ක් රූඩ් මෙන්ම බි්‍රතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පින්ලන්තය සහ පොලන්ත නායකයින් එක්ව සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහිදී යුක්‍රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම්වලට විරාමයක් තැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡා හෙට ඇලෙස්කාව්දී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *