හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

ranil

අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයට මාරු කරනු ලැබූ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.

එහි ප්‍රකාශයකු පැවසුවේ රනිල් වික්‍රමසිංහ රුධිර පීඩනය සහ සීනි මට්ටම් ඉහළ යාම, දැඩි වෙහෙස, තෙහෙට්ටු ගතිය හේතුවෙන් මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත මාරු කළ බවයි.

ලබන 26වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනපතිවරයා බන්ධනාගාර රෝහලේ වෛද්‍ය කණ්ඩායම සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් සිදුකළ පරීක්ෂාවකින් අනතුරුව තීරණය කරනු ලැබුවේ ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *